ගෘහස්ථ ගෑස් සම්බන්ධ මේ වනවිට මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් කැඳවා තිබෙනවා.
එම කාරක සභාව හෙට (01) පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.
අද (30) රැස්වූ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඒ බව සඳහන් කළා.