ගෑස් ටැංකි පිපිරීම් සිදුවන්නේ සංයුතියේ වෙනස් වීමකින් නොවෙයි
පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් ආශ්රිත සිදුවීම් එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට සමාජය තුළ පැතිර යන පුවත් අසත්‍ය බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව පසුගිය (20)වනදා කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක ඇති වු ගින්න ද්‍රව පෙට්‍රෝලියම් වායුව අදාළ අවන්හල තුළ කාන්දුවීමක් සිදුවු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම වායුව, වායු කලාපය තුළ පුපුරා ගොස් ඇති බව හා එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවති විදුලි උපකරණයකින් නිකුත් වූ විදුලි පුලිඟුවක් මඟින් එම වායුව ජ්වලනය වීම හේතුවෙන් ගින්න හට ගත් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් දැනුම් දුන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
අද (25) දින නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා මේ බව සඳහන් කර තිබුණා.
මේ අතර, අද දිනයේ ලාෆ් ගෑස් සමාගම ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, යම් යම් අවස්ථාවල දී එල්.පී. ගෑස් සම්බන්ධව සිදුවූ අනතුරුවලට ආශ්‍රිතව ගෑස් ටැංකි පිපිරී යාමෙන් සිදුවූ අනතුරු ලෙස නම් කරනු ලැබූවද ලංකාවේ මෑත ඉතිහාසයේ කිසිදු තැනක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් නැති බවයි.
බොහෝ විට සිදුව ඇත්තේ එල්.පී. ගෑස් සම්බන්ධව පාරිභෝගිකයන්ගේ නොදැනුවත්භාවය නිසා හා විවිධ අවිධිමත් භාවිතයන් නිසා සිදුවුනු අනතුරු බවත් ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.