නොබෙල් ත්‍යාගලාභීන්ට පමණක් ලැබුණු සම්මානය දිනාගත් ගයානි
මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳව නව සොයාගැනීම් සිදුකළ හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය හට නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෛද්‍ය විද්‍යාවට කර ඇති විශිෂ්ට සේවය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝෂිප්( Helen Hay Whitney fellowship) සම්මානය පසුගියදා පිරිණමා තිබෙනවා.
මින් පෙර මෙම සම්මානය දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් කීහිපදෙනකු පමණයි.
ගයානි සෙනෙවිරත්න මහත්මිය, ඇගේ පරීක්ෂණ වෙනුවෙන් මෙරටදී ජනාධිපති සම්මානය දෙවතාවක් හිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකා පර්යේෂණායතනය විසින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්යේෂණ සම්බන්ධයෙන්වූ සම්මානයද හිමිකර ගෙන ඇත.
මේ අතර සෙනෙවිරත්න මහත්මිය චිකාගෝ විශ්ව විද්‍යාලයේදී ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළ අවස්ථාවේදී, ගෙම්බන්ගේ ශරීරයන්හි වර්ධනය වන මිනිස් කලලයන්හි අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්‍යතාවයකට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ හැකි ජානයක්ද සොයා ගෙන තිබෙනවා.
මෙම සොයා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ අවධානයක් හිමිවූ අතර එරට පළවන ප්‍රධාන පෙළේ සඟරාවක් වන proceedings of the national sciences හිද ඊට වැඩි ඉඩකඩක් වෙන් කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබුණා.
ගයානි සෙනවිරත්න මහත්මිය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය විද්‍යා අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට 2009 වසරේදී ඇතුළත්ව තිබුණා.