කාර්යක්ෂමව වැඩ කර නොහැකි නම් ගෙදර යන්න – ගීතා කුමාරසිංහ
ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධව කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.
මෙය රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ද සැලසුම් කොට තිබෙනවා.
මෙහිදී අමාත්‍යවරිය චෝදනා කලේ,ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සම්බන්ධ සිදුවීම්වලදී නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
පවතින ප්‍රවණතා හමුවේ එම අධිකාරිය තම නිද්‍රාශීලී ප්‍රතිපත්තියෙන් අවදි වී කාර්යක්ෂමව සිය කටයුතු කළ යුතු බව ද ඇය සඳහන් කළා.
එමෙන්ම අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර ඇත්තේ, යම් නිලධාරියෙකුට ළමයින් සම්බන්ධ කරුණුවලදී කාර්යක්ෂමව කටයුතු කළ නොහැකි නම් රැකියාව අතහැර ගෙදර යා හැකි බවයි.
ඉදිරියේදී ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරිය ලෙස නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කර තිබෙනවා.