Latest News

සොහොයුරාගේ දියණියට අතවර කළ විශ්‍රාමික පොලිස් නිලධාරියා සොයා විමර්ශන

තම සහෝදරයාගේ 14 හැවිරිදි දියණියට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

වෙනත් ප‍්‍රදේශයක පදිංචි එම දැරිය නිවාඩු කාලයේ ගෝනගංආර ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට පැමිණ නතර වී සිට ඇති අතර නිවසේ දී ලොකු තාත්තා විසින් දැරියට අවස්ථා කිහිපයක දී ලිංගික අතවරකර ඇති බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

එම දැරියට ගොඩකවෙල ප‍්‍රදේශයේදී සිදුවූ තවත් ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් කහවත්ත අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී ඇයට මීට පෙර බරපතළ ලිංගික අතවරයක් සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.

එහිදී මේ සම්බන්ධව සිදු කළ විමසීමකදී 2019 වර්ෂයේ අග භාගයේදී නිවාඩුවකට ගෝනගංආර ප‍්‍රදේශයේ ලොකු තාත්තාගේ නිවසට ගිය අවස්ථාවේ ලොකු තාත්තාගෙන් තමාට ලිංගික අතවර සිදුවූ බව ඇය වෛද්‍යවරයාට පවසා තිබෙනවා.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීම සිදු කෙරුණා.