Latest News

මුලතිව් දී මියගිය 12 හැවිරිදි දැරිය ගැබිනියක්

මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු ප්‍රදේශයේදී මිය ගොස් සිටියදී සොයාගත් 12 හැවිරිදි දැරිය ගැබිනියක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

අදාළ දැරියගේ කලලය ඉවත් කිරීමට ගත් උත්සාහයකදී සිදුවූ කැපුම් තුවාලවලින් අධික ලේ වහනය වීමක් හේතුවෙන් දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාවේ සඳහන්ව ඇත.

මෙලෙස මියගොස්ව තිබුනේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි යෝගරාසා නිදර්සනා නම් දැරියයි.

මෙම දැරිය පසුගිය (15) වනදා අතුරුදහන්ව ඇති බවට දැරියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී නිවසට මීටර් දෙසීයක් පමණ වූ කැලෑබද ප්‍රදේශයක තිබී දැරියගේ මළ සිරුර පසුගිය (18) වනදා සොයාගනු ලැබුවා.

දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට එක් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ආරම්භ කර ඇත.