Latest News

15 හැවිරිදි දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් ගැබිනියක කළ පුද්ගලයෙකු පසුගිය (04) වනදා බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දැරියගේ මවගේ අනියම් පුරුෂයා වන 42 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම දැරියගේ පියා මව අතහැර ගොස් ඇති අතර මව විසින් සැකකාර පුද්ගලයා සමග අඹුසැමියන් ලෙස ජීවත් වී සිට ඇති බව වාර්තා වනවා.

දැරිය ඔවුන්ගේ රැකවරණය යටතේ සිට ඇති අතර නිවසේ කිසිවකු නොමැති අවස්ථාවේ දී මවගේ අනියම් පුරුෂයා විසින් වරින්වර අදාළ දැරිය දූෂණය කර තිබෙනවා.

ඒ අනුව දැරියට බඩේ රුදාවක් වැළඳී ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී සිදුකළ පරීක්ෂණවල දී, ඇය ගැබිනියක් බව හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බුත්තල පොලිසිය සිදු කරනවා.