14 හැවිරිදි දැරියකට අතවර කළ බැංකු කළමනාකරු රිමාන්ඩ් කෙරේ…
දැරියකට අතවර කළ බවට චෝදනා එල්ල වූ පෞද්ගලික බැංකුවක කළමනාකාරවරයා එළඹෙන 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙක්.
කොළඹ ප්රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක් මෙලෙස සැකකරු විසින් කොළඹ ප්රසිද්ධ රථගාලකට රැගෙන ගොස් ලිංගික අතවර කර තිබෙනවා.
අදාළ දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බම්බලපිටිය පොලිසිය සිදුකරනවා.