දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 10ක සිරදඬුවමක්
15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට මාතලේ මහාධිකරණය විසින් වසර 10 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
මෙලෙස සිරදඩුවම නියම කර ඇත්තේ, මාතලේ වෑවල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකුටයි.
2008 වසරේ මැයි මස 05 වන දින අදාළ අපයෝජනය සිදුව ඇති අතර පසුව දැරියගේ දෙමාපියන් විසින් මේ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ විභාග කළ මෙම නඩුවෙහි තීන්දුව අද (05) දින මාතලේ මහාධිකරණ විනිසුරු රෝහණ ජයවර්ධන විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.