Latest News

කරාපිටිය රෝහලේදී 15 හැවිරිදි දැරියකට ලිංගික අතවරයක්

15 හැවිරිදි දැරියකට ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් ස්කෑන් පරීක්ෂණ කාමරයේ දී ලිංගික අතවර සිදු කිරීමේ පුවතක් වාර්තා කරනවා.

අදාළ දැරිය උදරයේ වේදනාවක් හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර, මූලික ප්‍රතිකාරවලින් අනතුරුව උදරයේ පරීක්ෂාවක් සඳහා යොමු කර තිබෙනවා.

ස්කෑන් පරීක්ෂණයෙන් අනතුරුව දැරිය වාට්ටුවට ගෙන එමින් සිටින විටදිත් අඬමින් සිටි අතර එහිදී ඇය පවසා ඇත්තේ තම ලිංගික ඉන්ද්‍රියවල දැඩි වේදනාවක් ඇති බවයි.

පසුව හෙඳ නිලධාරිනියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, අදාළ වෛද්‍යවරයා දැරියට ස්කෑන් කාමරය තුළ දී සිදු කළ අකටයුතුකම් පිළිබඳවයි.

එහිදී දැරියගේ දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර තිබෙනවා.

පසුව දැරියව අපයෝජනයට ලක්ව ඇත්දැයි සොයා බැලීමට කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජානකී වරුෂාහැන්නදි වෙත භාර කෙරුණා.

කෙසේවෙතත් වෛද්‍යවරිය තහවුරු කලේ, දැරිය දූෂණයට ලක් වී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කෙරෙන බවයි ගාල්ල පොලිසිය සඳහන් කලේ.