Latest News

දැරියක් අපයෝජනය කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන පුද්ගලයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෛද්‍යායතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුලියාපිටිය පල්ලේවෙල ප‍්‍රදේශයේ වෙදමැදුරක් පවත්වාගෙන යමින් සුව මෙහෙයන් සිදුකරන විලපොල ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක්.

අදාළ පුද්ගලයා විසින් එම දැරියට තර්ජනය කර ඇත්තේ, තමාගේ ජංගම දුරකථනයේ අඩංගු අසභ්‍ය දර්ශන නැරඹීම ප‍්‍රතික්‍ෂේප කළහොත් විශ්ව ශක්තියෙන් බන්ධනයක් සිදුකර කුසට දරුවකු ලබාදෙන බවයි.

බාලවයස්කාර දැරියට වසර දෙකක කාලයක් එසේ අසභ්‍ය දර්ශන ජංගම දුරකථනය මගින් පෙන්වා ලිංගික අතවර සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳ සිදුකළ මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ, සැකකරුගේ නිවස යාබද නිවසක පදිංචිව සිටි අදාළ දැරිය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේ මුලූතැන්ගේ පිටුපස දී බලහත්කාරයෙන් බරපතල ලිංගික අතරව සිදුකර තිබූ බවයි.

මෙම සිද්ධිය නිසා දැරිය පාසල්යෑම ප්‍රතික්ෂේප කරමින් නිවසේ රැඳීසිටීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳව ඇයගේ මව විසින් දැරියගෙන් විමසීමේදී දැරිය මෙම අමිහිරි අත්දැකීම පවසා තිබෙනවා.

මෙහිදී පොලීසිය සඳහන් කලේ, තවත් දැරියන් මෙම අපරාධයට ගොදුරුවී ඇත්දැයි සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

අදාළ සැකකරුව කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.