සිය දියණියට අතවර කළ පොලිස් නිලධාරියා රිමාන්ඩ්
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිය දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන සාජන්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතාගේ නියෝගයකට අනුවයි.
වසර 35ක පමණ පොලිස් සේවා කාලයක් ඇති මෙම පොලිස් නිලධාරියා ගම්පොළ ප්‍රදේශයේ වැවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය අනාවරණය කර ඇත්තේ, නිවසේ තනිව සිටි දියණියගේ කාමරේට රාත්‍රී කාලයේ ගිය මොහු මෙම ලිංගික අතවරය සිදුකර ඇති බවයි.
අදාළ සැකකරු බිරිඳ සමග ඇති කරගත් පවුල් ආරවුලක් හේතුවෙන් ඇය අම්පාර ප්‍රදේශයේ පිහිටි මහ ගෙදරට ගොස් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.
මේ අතර සැකකරුගේ දිගින් දිගටම පැවති පවුල් ආරවුල් නිසා ඔහු යළි අම්පාර ප්‍රදේශයට මාරු කිරීමට සූදානමින් සිටියදී මෙම චෝදනාවට හසුව ඇති බව වාර්තා වනවා.