දැරියන් තිදෙනෙකුට ලිංගික අතවර කල පුද්ගලයෙකු රිමාන්ඩ් කෙරේ
අනුරාධපුර පදවිය ප්‍රදේශයේ දී පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, අදාළ සැකකරු ඊයේ (13) දිනයේදී කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ, 39 හැවිරිදි වියේ පසුවන විවාහක පුද්ගලයෙක්.
පසුගිය සැප්තැම්බර් මාසයේ දී අවුරුදු 13 , 14 සහ 15 යන වයස්වල පසුවන සිසුවියන් තුන්දෙනෙකු පාසල් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් ඔවුන්ට බලහත්කාරයෙන් ලිංගික අතවර කර පළාගොස් තිබුණා.
දැරියන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ පදවිය පොලිසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.