Latest News

ගැහැණු ළමුන් තිදෙනෙකු අපයෝජනය කළ ක්‍රිස්තු සභාවේ ප්‍රධානියාට සිරදඬුවම් නියම වෙයි

La Luz del Mundo නමැති ක්‍රිස්තියානි දේව සභාවේ අමෙරිකානු ප්‍රධානී නාසන් ජෝකින් ගාර්සියාට, ලොස් ඇන්ජලීස්හි අධිකරණයක් විසින් වසර 16ක සහ මාස 8ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, සිය දේව සභාවේ ගැහැණු ළමුන් තිදෙනෙකු ලිංගිකව අපයෝජනය කිරීමට වරදකරු වීම හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව ඇත්තේ,53 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා විසින් වරද පිළිගෙන තිබෙන අතර යම් හෙයකින් වරද පිළිනොගෙන අධිකරණ නඩු විභාගයකින් ඔහු වරදකරු වූයේ නම් ඔහුට ලැබෙන දඬුවම ජීවිතාන්තය දක්වා සිරගත කිරීමක් වනවා.

La Luz del Mundo යනු 1926 වසරේදී මෙක්සිකෝවේදී ආරම්භ කරන ලද මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධානයක් බවයි වාර්තා වන්නේ.