16 හැවිරිදි සිසුවියක් හා 20හැවිරිදි තරුණයෙකු සියදිවි හානිකරගනීයි
කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් සහ 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියක්.
පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ගෙළවැලලාගෙන මියගොස් සිටි තරුණියගේ දේහය කොස් ගසක එල්ලෙමින් තිබී ඇති අතර තරුණයාගේ මළ සිරුර එම ස්ථානයේ බිම වැටී තිබී ඇත.
දේහයන් මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලට යොමුකර තිබෙනවා.
කරන්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.