Latest News

සිය මවට මිටියෙන් පහරදුන් දියණිය පොලිස් අත්අඩංගුවට

සිය මවගේ හිසට මිටියකින් පහරදුන් 17 හැවිරිදි දැරියක් බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ, නොගැළපෙන ප්‍රේම සම්බන්ධතාවයට සිය මව එරෙහි වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ මව මේ වනවිට බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ,ප්‍රහාරයට ලක්වූ මව හිසෙන් ලේ පෙරෙන තුවාල සහිතව පොලිසියට පැමිණ තිබු අතර එහිදී කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර දියණිය අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සැකකාර දියණිය ඇයගේ වයසට නොගැලපෙන පුද්ගලයකු සමඟ පැවතු ප්‍රේම සබඳතාවකට සිය මව වරින්වර විරුද්ධ වීම හේතුවෙන් නොරිස්සු දැරිය මව සමඟ ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව එලෙස මිටියකින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, දියණියගේ මිටි පහර වැළැක්වීමට මව ද මිටිය උදුරාගෙන ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති බව අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ බේරුවල පොලිසිය මගින් සිදුකරනවා.