Latest News

අමානුෂික පහරදීමකින් 14 හැවිරිදි දැරියක් මරුට

ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුකොටගෙන දැරියගේ බාප්පා විසින් ඊයේ (21) එම පහරදීම සිදුකර ඇති අතර පසුව ඊයේ අලුයම් කාලයේදී එම දැරියට අසනීපවී කෙඳිරිගාමින් සිටියදී දැරියගේ පියා විසින් නිදාගැනීමට නොදෙන බව පවසමින් නැවතත් දැරියට පහර දී ඇත.

මෙහිදී අදාළ දැරියව මව විසින් අසල නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී එම දැරිය සිහිසුන්ව තිබෙනවා.

අනතුරුව අදාළ දැරිය ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එලෙස මිගොස් ඇත්තේ, නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති ගම්පොළ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලැබූ සිසුවියක්.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.