Latest News

ලාම්පුව පෙරළී ඇති වූ ගින්නෙන් 16 හැවිරිදි දැරියක් මරුට

ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටියදී එම ලාම්පුව පෙරළී ඇති වූ ගින්නක් හේතුවෙන් පාසල් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, යාපනය – සන්ඩිලිපායි ප්‍රදේශයේ පදිංචි සුදර්ශනි සදුර්ශිකා නමැති 16 හැවිරිදි දැරියක්.

ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව මානිප්පායි පොලීසිය පවසනවා.

විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක දැරිය ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිට ඇති අතර එහිදී ලාම්පුව පෙරළී යාමෙන් කාමරය තුළ ඇතිවූ ගින්නෙන් දැරිය මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

කෙසේවෙතත් පොලීසිය සිදුකළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ, පියා විසින් ගෙනවිත් නිවසේ තබා තිබූ පෙට්‍රල් බෝතලයකට ගිනි අවිලීමෙන් ඇති වූ ගින්නෙන් දැරිය පිළිස්සී මියගොස් ඇති බවයි.

මියගිය දැරියගේ දේහය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය, සංගානෙයි රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.