Latest News

රුපියල් 100ක් ලබා නොදුන් නිසා තරුණියක් ඝාතනය කෙරෙයි

රත්නපුර – ඇලපාත – මාහිරාගල ප්‍රදේශයේදී 27 හැවිරිදි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පුවතක් වාර්තා වනවා.

අදාළ තරුණිය සිය සේවය නිමවා නැවත නිවස බලා එමින් සිටියදී මාර්ගයේ රැඳී සිටි තරුණයෙකු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළා.

සිද්ධියට අදාළ තරුණයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.