Latest News

15 හැවිරිදි දැරියක් අතුරුදන් වෙයි

නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ දැරිය ජනවාරි මස 7 වන දින සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලීසියට පැමිණිලි කර ඇති අතර මෙතෙක් සිදුකරන ලද විමර්ශන අනුව අතුරුදන් වූ ගැහැණු දරුවා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළා.

දැරියගේ විස්තර පහතින් දැක්වේ.

නම – නේහා කෞමදි හේරත්

වයස – අවුරුදු 15යි

රූප විස්තර – උස අඩි 5 අඟල් 3ක් පමණ. තලෙළුයි. කොණ්ඩය පිට මැදට වවා ඇති අතර සිහින් සිරුරක් හිමිය.

අවසන් වරට ඇඳ සිටි ඇඳුම – කොළ පැැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්.

එම දැරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහරගම පොලිස් ස්ථානාධිපති – 071 8591645

පොලිස් ස්ථානය මහරගම – 011 2850222 / 011 2850700