බාලවයස්කාර දැරියක් දුෂණය කළ සැකකරු සොයා පොලිස් පරීක්ෂණ
තේ දළු නෙළමින් සිටි 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කළ බව කියන පුවතක් වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසිය පරීක්‍ෂණ පවත්වනවා.
අදාළ දැරිය තේ දළු නෙළමින් සිටියදී පැමිණ ඇති සැකකරු දැරියගේ හිස පැළඳි රෙදි කඩ ගෙන ඇගේ කට බැඳ මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වැලිපැන්න පොලිසිය සිදු කරනවා.