12 හැවිරිදි දැරිය දූෂණය කළ සීයා, මාමා සහ සහෝදරයාගේ කෙරුවාව – දැරිය ගැබ් ගනියි
12 හැවිරිදි බාලවයස්කාර දැරියක ඇයගේ සීයා, මාමා සහ සහෝදරයා විසින් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් ඇතිමලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ දැරියට බඩේ කැක්කුමක් වැළඳී ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලදී ඇය ගැබිනියක බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, මීට වසර දෙකකට පමණ ඉහතදී ඇයගේ සීයා කෙනෙකු එම දැරියට අතවර කර ඇති බවයි.
මෑතකදී ඇයගේ මවගේ වැඩිමහල් සහෝදරයකු සහ එම දැරියගේ සහෝදරයා ද වරින්වර ලිංගික අතවර කළ බවද එම දැරිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය සඳහන් කලේ, දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සීයා සහ මාමා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයා සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර වැඩිදුර විමර්ශන ඇතිමලේ පොලිසිය සිදු කරනවා.