Latest News

පාසල් දැරියක් දුෂණය කර ඝාතනය කළ පුද්ගලයෙකු DNA පරීක්ෂණයකින් සොයා ගැනේ

2009 වසරේ දී ඇහැළියගොඩ පොලිස් වසමේ කොස්ගහමූකලාන ප්‍රදේශයේ දී පාසල් නිල ඇඳුමින් නිවසට පැමිණෙමින් සිටි 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ සැකකරුගේ DNA සැසඳී‌මෙන් අනතුරුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 39 හැවිරිදි ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කලේ, අදාළ ඝාතකයා සම්බන්ධයෙන් මේ වනවිට අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි.

සැකකරු අද (29) අවිස්සාවේල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.