Latest News

සතුටු දර්ශකයේ ඉහළම ස්ථාන කාන්තාවන් තිදෙනෙකුට

මෙවර ලෝක සතුටු දර්ශකයේ (Globle Happiness Index) පළමු ස්ථාන තුනම කාන්තාවන් නායකත්වය ලබා දෙන රටවල් තුනකට හිමිවී තිබෙනවා.

ඒ අනුව සතුටු දර්ශකයේ පළමු ස්ථානය ෆින්ලන්තයට හිමිවී ඇති අතර දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවන ස්ථානය අයිස්ලන්තයත් හිමිකරගෙන තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එම රටවල් තුනෙහිම අග්‍රාමාත්‍ය ධුරය කාන්තාවන් තිදෙනෙකු දරන අතර ඔවුන් වයසින් අඩු කාන්තාවන් වීමයි.

ෆින්ලන්තය – Sanna Marin (37)
ඩෙන්මාර්කය -Mette Frederiksen (45)
අයිස්ලන්තය – Katrín Jakobsdóttir (47)

එමෙන්ම එම රටවල කැබිනට් මණ්ඩලවලත් සැලකිය යුතු කාන්තා නියෝජනයක් තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව මෙම වසරේ දී ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.

රටවල ජනතාවගේ ජිවනෝපාය සහ ආර්ථික තත්ත්වය මත මෙම දර්ශකයේ අගය තීරණය වන අතර ගිය වසරේ දී ශ්‍රී ලංකාව එහි 127 වන ස්ථානයේ පසුවුණා.

කෙසේවෙතත් මෙම වසරේ ශ්‍රී ලංකාව එම දර්ශකයේ 112 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.