Latest News

ශ්‍රී ලංකාව රනින් දිනවූ දිලක්ෂණී කන්දසාමී

පාකිස්තානයේ පැවති තුන් වන ජාත්‍යන්තර ‘සවාටේ’ බොක්සින් තරඟාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සමත්ව තිබෙනවා.

ඒ වව්නියාව ප්‍රදේශයේ පදිංචි දිලක්ෂණී කන්දසාමී ක්‍රීඩිකාවයි.

ඇය මේ වන විට සබරගමු විශ්වවිද්‍යාලයයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන අංශයේ ශිෂ්‍යාවක් වශයෙන් අධ්‍යාපන කටයුතු හදාරමින් සිටිනවා.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4ක් හා ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් විසින් රන් පදක්කම් 9ක් හා රිදී පදක්කම් 4ක් දිනාගන්නට සමත් වී තිබෙනවා.