තීරුබදු නොගෙවා රත්‍රන් ගෙන්වූ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
තීරුබදු නොගෙවා මෙරටට රත්‍රන් ආනයනය කළ කාන්තාවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙහිවල හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 හා 42 යන වයසේ පසු වන කාන්තාවන් දෙදෙනෙක්.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, මුදල් විශුද්ධි කිරිම, මුදල් විශුද්ධි කිරිමට උත්සාහ කිරිම යන චෝදනා ද මෙම සැකකාරියන්ට එල්ල වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය විසින් සිදු කරනවා.