රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ රැකියා ?
රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
අදාළ කමිටුව සඳහා සාමාජිකයින් 7 දෙනෙකු පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙහිදි අධ්‍යයනය කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළා.
ඒ අනුව ඔහු සඳහන් කලේ, සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබා දෙන ලෙස උපදෙස් දුන් බවයි.
එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.