රාජ්‍ය සේවකයන්ට අවුරුදු 5ට රට රැකියාවට යන්න අවස්ථාව
ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් නොවන සේ රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට, වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, අදාළ කැබිනට් පත්‍රිකාව මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට සිය සේවා කාලය තුළ වසර 5ක උපරිමයකට විදේශගතවී විදේශ ආයතනයක රැකියාවක නිරතවීම සඳහා අවස්ථාව සැලසෙනවා.
එහිදී එම නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් ඇති නොවන බව සඳහන්.
කිසියම් රාජ්‍ය නිලධාරියෙකු වැටුප් රහිතව හෝ සහිතව මේ වන විටත් විදේශගතව ඇත්නම් සහ තවදුරටත් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය, නැවත මෙරටට පැමිණීමකින් තොරව ලබා ගැනීමට ද අවස්ථාව මෙමගින් සැලසෙනවා.
මේ යටතේ නිවාඩු ලබාදීමේ බලය අමාත්‍යංශ ලේකම්වරයා වෙත පැවරෙනවා.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ,රාජ්‍ය සේවයට බාධාවක් නොවන සේ මෙවැනි ක්‍රියාදාමයක් අනුගමනය කිරීමෙන් දළ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බව රජයේ විශ්වාසය බවයි.