Latest News

කුඩා දරුවෙකු ඇළකට විසිකෙරූ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට

වයස අවුරුදු 8ක දරුවෙකු ඇළට විසිකිරීම හේතුවෙන් පොල්ගහවෙල, උඩපොළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ දරුවා ඇළ ඉවුරක සිට අලියෙකු නාවන අයුරු බලා සිටියදී ග්‍රාම නිලධාරීවරයා ඉවුර දෙසට බීමතින් පැමිණ දරුවා ඔසවා ඇළට විසි කර ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස දරුවා ඇළට විසිකිරීමෙන් දරුවාගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ග්‍රාම නිලධාරීවරයා අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.