කොළඹදී අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක්
කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
අදාළ සිද්ධියෙන් සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා සඳහන් කළා.
කිඹුලා ඇල ප්‍රදීප් නමැත්තකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.
මේ අතර අදාළ ස්ථානයේ තිබී පිස්තෝල අවියක හිස් උණ්ඩ දෙකක් සොයාගෙන තිබෙනවා.
මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ,වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි.