Latest News

වෙඩි හුවමාරුවෙන් මියගිය තරුණියගේ ඥාතීන් පොලිසියෙන් වන්දි ඉල්ලයි

පොලීසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවක දී මගී බස් රථයක ගමන් කරමින් සිටි සිය දියණිය ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය ගැනීමට අදාළ දියණියගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් සූදානම් බව වාර්තා වනවා.

මේ අතර මියගිය තරුණියගේ දේහය ඊයේ (03) රාත්‍රියේ බෙන්තොට – හබුරුගල – වන්නිගෙවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට රැගෙනවිත් තිබෙනවා.

පසුගිය (02) වනදා වරකාපොල – දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් ඉබි යතුරු කඩා දේපල සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබුණා.

එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි ප්‍රහාරයකින් මගී බස් රථයක ගමන් කරමින් සිටි ඉරේෂා ශ්‍යාමලී නමැති 29 හැවිරිදි තරුණිය ජිවිතක්ෂයට පත්වුණා.

පසුව ඇයගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය ඊයේ (03) නිවසට රැගෙනවිත් තිබෙනවා.

කෙසේවෙතත් ඇගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් චෝදනා කරන්නේ ඉදිරියේ දී තම දියණියගේ මරණය සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.