මියන්මාරය භාර නොගත් රූ රැජින කැනඩාවට පළා යයි
මියන්මාරයේ වර්තමාන හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් එරටට යෑමට නොහැකිව සිටි මියන්මාර් රූ රැජින ලෙස කිරුළ පැළඳි “හෑන් ලෙයි” කැනඩාවට ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
2021 වසරේදී තායිලන්තයේ පැවති රූ රැජින තේරීමේ තරඟාවලියක් ජය ගැනීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කරමින් ඇය, මියන්මාර් හමුදා පාලනය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඇය මෙතෙක් කල් තායිලන්තයේ රැඳී සිටියා.
කෙසේවෙතත් පසුගියදා වියට්නාමයේ පැවති උත්සවයකට ඇය ගොස් ඇති අතර එහිදී ඇයට නැවත පැමිණීමට තායිලන්ත බලධාරීන් ඉඩ ලබා නොදී තිබෙනවා.
ඒ හේතුවෙන් ඇය බැංකොක් ගුවන්තොටුපොළේ රැඳී සිට තිබෙනවා.
පසුව ඇයට රැකවරණය දීමට කැනඩා බලධාරීන් කැමැත්ත පළකර තිබුණා.
ඒ අනුව ඇය ඊයේ (28) දකුණු කොරියානු ගුවන්සේවයට අයත් යානයකින් කැනඩාවේ ටොරොන්ටෝ වෙත ගොස් තිබූ බව වාර්තා වනවා.