Latest News

අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න ස්ථාවර ආණ්ඩුවක් නැහැ – ආචාර්ය හරිනි අමරසූරිය

ස්ථාවර ආණ්ඩුවක් නොමැතිව අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (30) ප්‍රශ්න කළා.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කලේ,අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතු බවත් අටවා ගත් ආණ්ඩුවකට එය කළ නොහැකි බවත් ය.

මෙහිදී මන්ත්‍රීවරිය විසින් චෝදනා කරනු ලැබුවේ මාස හයකට පෙර ගත් තීරණ ආණ්ඩුව දැන් වෙනස් කරමින් සිටින බවයි.

ඒ අනුව ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්ථාවර ආණ්ඩුවක් නොමැතිවීම බව ද ඇය අවධාරණය කළා.