Latest News

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකාර ධූරයට හෂාන් තිලකරත්න

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, 2023 දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට මාස 5කට අඩු කාලයක් තිබිය දී යි.

හෂාන් තිලකරත්න 2021 ජූනි 1 වන දින නිල වශයෙන් ප්‍රධාන පුහුණුකරු තනතුර භූමිකාව භාර ගත් අතර, හෂාන් යටතේ කාන්තා කණ්ඩායම මෑතක දී අවසන් වූ ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට ද පිවිසියා.

කෙසේවෙතත් ප්‍රබල ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් කඩුලු 8ක බරපතළ පරාජයකට පත් වුණා.

හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමෙන් පසු බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකාර තනතුර ලැබී තිබෙනවා.