Latest News

හෘද රෝගයකින් පෙළුණු බිළිඳෙකුට සිදුකළ විශ්වකර්ම සැත්කම

හෘද වස්තුවේ ඇතිවූ රෝගයකට විශ්වකර්ම සැත්කමක්, බ්‍රිස්ටල් හෘද ආයතනයේ මහාචාර්ය හෘද ශල්‍ය විශේෂඥ මැස්සිමෝ කැපුටෝ විසින් සිදු කර තිබෙනවා.

මෙහිදී වැදාමහෙන් ලබාගත් ස්ටෙම් සෛල භාවිතයෙන් සිදුකළ සැත්කමක් මගින් බිළිඳෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකිවූ බවයි ඔහු සඳහන් කලේ.

ලොව එවැනි සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

අදාළ සැත්කම මගින් ෆින්ලි නම් කුඩා පිරිමි දරුවාගේ හෘද වස්තුවේ ඇතිවී තිබූ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කර තිබෙනවා.

ඒ අනුව හෘද රෝග සහිතව ඉපදෙන දරුවන් සඳහා නව ප්‍රතිකාර ක්‍රමවේදයක් දියුණු කිරීම ඔහුගේ අරමුණ වනවා.