පාස්කු ප්‍රහාරය සම්බන්ධව තිබූ සියලු චෝදනාවලින්, හිටපු ආරක්ෂක ලේකම් නිදහස් කෙරෙයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලව තිබූ සියලු චෝදනා වලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (18) නඩුව කැඳ වූ අවස්ථාවේදී යි.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඟා තිබූ ප්‍රධාන චෝදනාවක් වූයේ, 2019 අප්‍රේල් 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ හෝටල ඉලක්ක කරමින් එල්ලවන ප්‍රහාරය සම්බන්ධ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම යි.
කෙසේ වෙතත් එම චෝදනාව ඇතුළු අනෙකුත් චෝදනා සාධාරන සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රකාශ කළා.