හෙරොයින් ගන්න තම නැගණිය විකිණු අක්කා අත්අඩංගුවට
රුපියල් 15,000 ක මුදලකට සහ හෙරොයින් ග්‍රෑම් 1ක් ලබා ගැනීම සඳහා තම 15 හැවිරිදි නැගණිය හෙරොයින් ජාවාරම්කරුවෙකුට විකිණු සහෝදරිය මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 හැවිරිදි එක්දරු මවක්.
එමෙන්ම, මුදල් සහ හෙරොයින් ලබා දී එම දැරියව ලබා ගත් ජාවාරම්කරු ද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බටහිර නිල්පනාගොඩ පදිංචි පුද්ගලයෙක්.
පොලිසියට ලද තොරතුරක් මත අදාළ සැකකරුගේ නිවස වැටලීමෙන් හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී සැකකරුගේ නිවසේ සිටින මෙම කුඩා දැරිය කවුද යන්න පොලිස් නිලධාරීන් විමසා තිබෙනවා.
එම අවස්ථාවේ නිවසේ සිටි සැකකරුගේ මව සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු දැරියව පොලිස් භාරයට ගෙන දැරිය විකුණූ බව කියන සැකකාර සහෝදරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
අදාළ දැරියගේ මව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් මත බන්ධනාගාරගතව සිටින බව වාර්තා වනවා.
දැරියව විකුණු සහෝදරිය හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නියක් බව ද පොලිසිය පවසනවා.
මව බන්ධනාගාර ගත වූවායින් පසු දැරිය රැක බලාගෙන ඇත්තේ මෙම තැනැත්තිය විසින් බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.