දෑස් නොපෙනුණත් සාමාන්‍ය පෙළට A නමයක් ගත් හිමාෂා…
උපතින්ම දෑස් නොපෙනුණත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගැනීමට කුරුණෑගල, හිමාෂා කාවින්ද්‍යා හේරත් නම් සිසුවිය සමත් වුණා.
උපතින්ම දෙනෙත් නොපෙනුණත් ඇය සැබෑම දක්‍ෂ දැරියක් බව ගුරුවරු පවසා සිටිනවා.
අනුරාධපුරය උපන් ගම වූ ඇයගේ මුල්ම පාසල වූයේ කුරුණෑගල සඳකඩ විශේෂ පාසලයි. එම පාසලෙන් 2016 වසරේදී ශිෂ්‍යත්වය විභාගයෙන් ලකුණු 173 ක් ලබාගත් කාවින්ද්‍යා උසස් අධ්‍යාපනය සඳහා කුරුණෑගල මහින්ද විද්‍යාලයට පැමිණ තිබෙනවා.
“මම සඳකඩ විශේෂ පාසලේදී ශිෂ්‍යත්වය සමත්වෙලා කුරුණෑගල මහින්ද විද්‍යාලයට ආවා. මම හැමදාම පන්තියේ පළමුවැනියා වුණා. ගුරුවරුන් කියල දෙන දේ මම නිතරම තනියෙන් කරන්න කටයුතු කළා. මම අධ්‍යාපනයට අමතරව සංගීතයත් හැදෑරුවා. මම තමයි 2017 වසරේ රාගධාරි සංගීතයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වුණේ. මම A 09 ක් ලබාගෙන විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න ආසයි. නමුත් අපේ පහසුකම් නොමැති නිසා කලා අංශයෙන් ඉගෙන ගෙන නීතිය හදාරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. මගේ ජයග්‍රහණයට අපේ ගෙදර වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ විශාල සහයෝගයක් ලබාදුන්නා. මම ඒ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා”.