ලංකා ඉතිහාසයේ විශාලතම ගිරි ලිපිය හමුවෙයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පවසයි. මෙම ගිරිලිපිය හමුවී ඇත්තේ දිඹුලාගල ඓතිහාසික කඳුවැටියෙනි.
පසුගිය 26 වැනිදා සිට මෙම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර පිටපත් කිරීමේ වැඩ වැඩසටහන් වෙනුවෙන් සම්බන්ධ වූ පිරිස් කියා සිටියේ මීට වසර 2300 කට එහා ඉතිහාස කතාවක් මෙම ගමන මගින් හෙළි හෙළිදරව් වූ බවයි. ඊට හේතුව වන්නේ එහි දී පූර්ව බ්රාහ්මීය අක්ෂර දක්නට ලැබී තිබීමයි.
ක්‍රිස්තු පුර්ව තුන් වැනි සිය සියවසත් පළවන සියවසත් අතර කාලයේ දී ලියැවෙන්නට ඇතැයි අනුමාන කරන මෙම ගිරි ලිපියේ විශේෂත්වයන් ගණනාවක් ඇති බව එම ගවේෂණ කණ්ඩායමේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ පුරාවිද්‍යා පර්යේෂක සහකාර නිලධාරී තනුර දයානන්ද මහතා කීවේය.