Latest News

15-24 තරුණයින් අතර HIV වැඩි වීමක්

පසුගිය වසර පහ තුළ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කණ්ඩායම් අතර HIV ආසාදිතයින් හඳුනාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, මේ හේතුවෙන් තරුණ තරුණියන් අතර ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි,

“ශ්‍රී ලංකාවේ HIV ආසාදන ඇස්තමේන්තු කරලා තියෙනවා 3,700ක්. HIV ආසාදතයින්ගෙන් 60%ක් පමණයි ප්‍රතිකාර ගන්නේ. එතකොට ඉතුරු 40% ඇත්තටම ඔවුන් ප්‍රතිකාර ගන්නේ නැතුව අපේ සමාජයේ ඉන්නේ. ඔවුන් HIV තියෙනවා කියලා ජීවත් වෙන්න පුළුවන්. අපේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර තුළ අවුරදු 15- 24 තරුණ කණ්ඩායමේ HIV ආසාදනය හඳුනාගැනීම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒක නිසා තරුණ අයට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් 90%ක් නිසා මේ HIV වෛරසය බෝ වෙනනේ. HIV වෛරසය හැදිලා අවුරුදු 12ක් විතර යනවා ඒඩ්ස් තත්ත්වයට එන්න. නමුත් ප්‍රතිකාර ගන්න නිසා ඒඩ්ස් තත්ත්වයට යනවා අඩුයි.”