HNDA සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්රහාර
උසස් ජාතික ගණකාධිකාරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්රහාර එල්ල කර තිබේ.
පොලීසිය පැවසුවේ මෙම විරෝධතා පාගමන හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි.
එමෙන්ම විරෝධතාවය හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගයද වසා දමා ඇති බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
