Latest News

ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් හිංසාවට ලක්වූ කාන්තාවන් 25ක් මෙරටට ගෙන්වීමට අවසර

ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් සිටියදී විවිධ හිංසනයන්ට ලක්ව, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නිවස්නයේ සිටින කාන්තාවන් 115 දෙනෙකුගෙන් 25 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මුදල් ප්‍රතිපාදන ලබාදීමත් සමගයි.

කෙසේවෙතත් මෙම කාන්තාවන් රැඳී සිටින සුරක්ෂා නිවස්නයේ අවම පහසුකම් හෝ නොමැතිවීම හේතුවෙන් කාන්තාවන් ඉන් පැනයාමේ තත්වයක් මතුව ඇති බව විමර්ශන නිලධාරින් පෙන්වා දෙනවා.

මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නිවස්නයේ සිටින තවත් ශ්‍රී ලාංකික කතුන් 18 දෙනෙකු තමන් මිනිස් ජාවාරමට හසු වූ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී තිබෙනවා.

ඒ, අතර සිටි එක් තරුණියක් දූෂණයට ලක්ව ඇතැයි වාර්තා වනවා.

පසුගිය 18 වනදා දක්වා රැඳී සිටි නිලධාරීන් කණ්ඩායම කාන්තාවන් 41දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවන් බහුතරයක් සංචාරක වීසා මත ඩුබායි දක්වා ගොස් පසුව දේශ සීමා පසුකර ඕමානය දක්වා පැමිණ තිබෙනවා.