ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා එල්ල කිරීම ඉතාම බරපතල තත්ත්වයක්
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා එල්ල කිරීම ඉතාම බරපතල තත්ත්වයක් බව 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
ඒ,එම පුවත සම්බන්ධයෙන් වූ අදහස් මාධ්‍යවේදීන් විසින් (07) අර්ජුන රණතුංග අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේදී වෙයි. ගම්පහ දිස්ත්‍රික් කාන්තා හමුව අවසානයේදී එම අදහස් විමසීම සිදු කෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රිමිනල් චෝදනා,නැතිනම් අපරාධ චෝදනා නඟා ඇති බවට මටත් දැන ගන්න ලැබුණා. එය ඉතාම බරපතල තත්ත්වයක් වෙනවා.මේ චෝදනා පත්‍රය දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ බව දැන ගන්නට තිබෙනවා.මම කියන්නේ ඒ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න. දැඩි අවධානයක් යොමු කරන්න. එහෙම නොවුණොත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තහනමට පවා ලක් විය හැකියි.
අද ක්‍රීඩා අමාත්‍යවරයා බුකීකරුවන්ට ක්‍රිකට් පරිපාලනයට ඒමට නොහැකි ලෙසට ක්‍රීඩා රෙගුලාසි පනවා තිබෙනවා.නමුත් හිටපු ඇමැතිවරු එවැන්නකට අවධානය යොමු කළේ නැහැ.මම කියන්නේ එම ක්‍රියා දාමය තවදුරටත් ඉදිරියට ගෙනියන්න ඕන. බුකී සහ සූදු ව්‍යාපාරයට සම්බන්ධ අය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරනවා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වගකිව යුත්තන් හදුනා ගෙන සියලු දෙනාටම දඩුවම් දෙන්නත් ඕන. ඒ සඳහා නීතිපතිතුමාගේ උපදෙස් ගැනීම වැදගත් බවද මම විශ්වාස කරනවා.
2015දි අපි ආණ්ඩුවක් පත්කරන කොට මේ රටේ මිනිස්සු කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. කිව්වේ යහපාලනය ඇති කරන්න කියලා විතරයි. ජිවත් විමේ අයිතිවාසිකම දෙන්න කියලා විතරයි. හොරු ටික අල්ලලා දෙන්න කියලා විතරයි. නමුත් අපිට හොරු අල්ලන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලොකු වගකීමක් තියෙනවා ක්‍රිකට් හොරුත් අල්ල ගන්න. විශේෂයෙන් ලෝකේ යම් තැනකට අපේ රට ගියේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රිඩාව විනාශ කරන පුද්ගලයෝ ජනාධිපතිවරයාට වැහිලා හොරකම් කරගෙන දූෂණ වැඩ කරගෙන ඉන්නවා නම් ජනාධිපතිතුමාත් මේ විනාශයට වගකීමක් ගතයුතුව තියනවා.
නිමල් අල්ගෙවත්ත
