Latest News

ICC විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානය චමරිට

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීමක පළමු දසදෙනා අතරට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය වනවා.

චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මැලේසියාවේදී පසුගියදා අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ තුන් ඉරියව් දස්කම් මත චමරි ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇය එම තරගාවලියේදී පිළිවෙළින් ලකුණු 24, 86, 57, 30, සහ 48 රැස්කිරීමට සමත් වූවා.

ඇය එම තරගාවලියට පෙර විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 14 වැනි ස්ථානයේ සිටියා.