ඉදිරි වසර පහේ දී කාන්තා ක්‍රිකට් ශුරතා තරඟ පැවැත්වෙන ආකාරය
ඉදිරි වසර 5 තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා වන කැලැන්ඩරය ඊයේ (26) නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කාන්තා පන්දුවාර 20 ලෝක ශූරතා තරඟාවලියට 2024 දී බංග්ලාදේශය විසින් සත්කාරකත්වය සපයනු ලබනවා.
මේ අතර 2025 වසරේ දී කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
2026 වර්ෂයේ දී එංගලන්තය කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලිය පැවැත්වෙනවා.
2027 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සත්කාරකත්වය දෙනු ලබන්නේ කාන්තා ක්‍රිකට් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහායි.
මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් හයක් ඉදිරිපත් වීමට නියමිත අතර එම තරඟාවලියේ තරඟ 16ක් ශ්‍රී ලංකාව තුළ දී පැවැත්වීමට නියමිතයි.