Latest News

IMF සමග පවත්වන සාකච්ඡා ඉක්මනින් අවසන් කරනවා – ක්‍රිස්ටිනා ජෝර්ජීවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව, එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජීවා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණදී ඇති අර්බුදය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් සිටින බව ද ඇය සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිස්ටිනා ජෝර්ජීවා සඳහන් කලේ, ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර රජයක් ඇති මොහොතේ අපට අපගේ සාකච්ඡා දිගටම කරගෙන යා බවයි.

එසේම මෙරට පාලනයට පත්වන පාර්ශවයට සහාය ඇත්නම් තම නියෝජිතයින් ඔවුන් සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇය සඳහන් කළා.