Latest News

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කණගාටුයි – IMF අධ්‍යක්ෂිකාව කියයි

ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සඳහන් කළා.

ඒ ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් ඇය සඳහන් කලේ, ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ආර්ථික පදනමක් සකස් විය යුතු බවයි.

පවතින ආර්ථික අර්බුධයත් සමග ඇති වී තිබෙන තත්ත්වය දැකීමෙන් සිය හදවත බිඳී ගොස් ඇති බව පෙන්වාදෙන ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සඳහන් කලේ, වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටි ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් නගා සිටුවීමට සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරයෙන් සුදානමින් සිටින අතර ඒ සඳහා තාක්ෂණික කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවද ඇය පෙන්වා දී තිබෙනවා.