News

IMF ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.

ණය වැඩසටහන වසර 3 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර, ඒ අනුව එය වසර 4 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

තවද ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම පස්වන සමාලෝචනය 2019 මැයි මාසයේ දී සම්පූර්ණ කිරීමට නියමිත අතර එහිදී එළඹෙන මාර්තු 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැයෙහි විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන් ඇතුළුව මේ පිළිබඳව වැඩිදුරටත් සමාලෝචනය කර තිබෙනවා.