ඉන්දීය නව ජනපතිනිය ධූරයේ දිවුරුම් දෙයි
ඉන්දීය නව ජනපති ද්‍රවුපදි මුර්මු එම ධූරයේ අද නිල වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා.
නවදිල්ලි හිදී එරට අගවිනිසුරුවරයා ඉදිරියේදී ඇය ඉන්දියාවේ 5 වන ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
64 හැවිරිදි ඇය සැළකෙන්නේ ඉන්දීය ඉතිහාසයේ ගෝත්‍රික සමාජය නියෝජනය කරන පළමු ජනාධිපතිවරයා ලෙසයි.
එමෙන්ම ඉන්දීය ජනාධිපති ධූරයට පත්වන දෙවන කාන්තාව ද ඇයයි.
දිවුරුම්දීමෙන් අනතුරුව නව ජනාධිපතිනියට ආචාර වෙඩිමුර 21 ක් පිරුනැමීමට සැළසුම් කර තිබෙනවා.
පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී විපක්ෂ අපේක්ෂක යෂ්වාන්ත් සිංහා පරාජයට පත් කරමින් ද්‍රවුපදි මුර්මු එම තනතුරට තේරී පත්වුණා.