ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් ක්‍රීඩකයින් හා සමානව සලකයි
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ද ක්‍රීඩකයින් හා සමාන ලෙස ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගීවීම වෙනුවෙන් මුදල් ගෙවීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසනවා.
ඒ ඉන්දීය ක්‍රිකට් හි නව වැටුප් සමානතා ප්‍රතිපත්තියට අනුවයි.
එහිදී ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන් මෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟයක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 15ක් ද, එක්දින තරඟයක් සඳහා ලක්ෂ 6ක් ද T20I තරඟයක් සඳහා ලක්ෂ 3ක තරඟ ගාස්තුවක් ලැබීමට නියමිතයි.
ඒ අනුව මෙය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙත ODI හෝ T20I තරඟ සඳහා දැනට ගෙවනු ලබන ඉන්දීය රුපියල් ලක්ෂ 1 ට සහ ටෙස්ට් තරඟයක් සඳහා දැනට ගෙවන ඉන්දීය රුපියල් ලක්ෂ 4 හා සැසඳීමේ දී කැපී පෙනෙන වැඩි වීමක් වනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ ලේකම් ජේ ෂා ප්‍රකාශ කර සිටියේ, මෙය “වෙනස් කොට සැලකීම මැඩලීමේ පළමු පියවර” ලෙසයි.